Tuesday, July 10, 2018

සුව දිවියට..🤗

දිය වැඩියාව.


දියවැඩියාව යනු රුධිරයේ ග්ලූකෝස් මට්ටම හෙවත් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමයි.
අපේ සීනි මට්ටම නිසි ලෙස නිසිලෙස පාලනය නොකළහොත් එය තවදුරටත් මොළය,හෘදය,ඇස්,වකුගඩු,පාද හා ශරීරයේ වෙනත් අවයව වල සංකූලතා ඇති කරමින් ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව මඟ හරවයි.

🤗.රුධිර පරීක්ෂාවකින් ඔබට දියවැඩියාව වැළඳී ඇති බව දැනගත හැක.අනතුරුව ඒ සඳහා කල යුතු පිවෙත්.
  •  ඔබගේ ආහාර රටාව සුදුසු පරිදි වෙනස් කර ගන්න.
  • ශාරීරිකව  ක්‍රියාශීලි බව වැඩිකර ගන්න.
  • වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.
🤗.ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නේ දැයි හදුනාගන්නේ කෙසේද?.
  • නිතර දැනෙන මහන්සි  ගතිය.
  • නිතර දැනෙන පිපාසය.
  • නිතරම මුත්‍ර කිරීමට අවශ්‍ය වීම.( දිවා,රාත්‍රි  දෙකෙහිම.)
  • පෙනිම බොද වීම
  • නිතරම කුසගිනි දැනීම
  • ඉතා කෙටි කලකදි බර අඩු වීම
  • ලිංගික දුබලතා ඇති වීම.
  • අත් හා පාද හිරි වැටීම
🤗.දියවැඩියාව නිටිටාවටම සුව කළනොහැක,එහෙත් මනාව පාලනය තුලින් නි⁣රෝගී දිවියක් ගත කළ හැක.

දිය වැඩ්යාව පාලනය සඳහා....
  • නියමිත ප්‍රමාණයෙන් නියමිත වෙලාවට ඖෂධ ලබා ගැනීම.
  • සුදුසු ආහාර ගැනීම
  • ක්‍රියාශීලි වීම
🤗.දියවැඩියාව රෝගීන් අහාර ගත යුතු ආකාරය.

බහුලව ගත හැකි ආහාර.

  • මකුණුවැන්න,කංකුං,⁣⁣⁣ගොටුකොල,වැනි පළා වර්ග සහ ගෝවා ලීක්ස් වැනි කොළ වර්ග.
  • වැටකොළු,පතෝල,මුරැංගා,වමිබොටු ,කොහිල ,කෙසෙල් මුව ,කරවිල,තක්කාලි වැනි පිෂ්ඨය අඩු එළවළු වර්ග.
  • මුං ඇට,කඩල,කවිපි,සෝයා,පරිප්පු,වැනි පියලි ආහාර 
  • මෙිද රහිත කිරි සහ කිරි නිෂ්පාදන
  • බිත්තර සුදු මදය
මධ්‍යස්ථව ගත හැකි ආහාර.
මෙම කාන්ඩයට අයත් ආහාර නිර්දේශිත ප්‍රමානය ඉක්මවා නොගැනීම වැදගත්ය.

* බත්,පාන්,සහල්/ඉරිඟු/කුරක්කන් පිටි වලින් සෑදු ඉදි ආප්ප,පිටිටු වැනි පිෂ්ඨමය ආහාර.

*කොස්,දෙල්,අර්ථාපල්,අලු කෙසෙල්,වැනි පශ්ඨය බහුල ආහාර.

මෙම කාන්ඩයට අයත් ආහාර වල තන්තු ප්‍රමානය අදික වීම රැධිරයේ සීනි ප්‍රමානය ක්‍රමනු කූල පාලනයට වැදගත් වෙි.එම නිසා නිවිඩ සහිත තමිබන ලද සහල්.,ආටා පිටි, ආදිය තෝරා ගත යුතුය.

තවද නොගත යුතු ආහාර,ශාරීරික වි්‍යායාම,ආදිය මෙි සදහා කල යුතුය.

🤗.දිය වැඩියාව පාලනය කල නොගතහොත් ඇතිවිය හැකි සංකුලතා.

  • හෘර්දයාබාධ
  • වකුගඩු අක්‍රිය වීම.
  • ආමාශ ගතරෝග
  • ලිංගික දුර්වලතා
අදියද වැදගත් ලෙස පෙන්වාදිය හැකිය.

🤗.මෙවනි සංකුලතා වලක්වා ගන්නේ කෙසේද.

  • නිරාහාර රැධි සීනි පරීකෂාව(fbs)
  • ඇස් පරීක්ෂණ 
  • රැධිර පීඩනය සෑම සායන අවස්ථාවකදිම කිරීම.  
  •                                                      (උපුටා ගැනීම                                                            බෝ නොවන රෝගී ඒකකය.🤗)

Monday, July 9, 2018

බුද්ධ චරිතය...

බුද්ධ චරිතය.



😊.සිදුහත් පරපුර.
😊.ප්‍රථම නියත විවරන.
    
බෝසතුන් සුමෙිධ තාපස කල්හි දීපංකර බුදුන් වෙතින් නියත විවරණ ලබන ලදී .

😊.පස්මහ බැලුම් .
  1. කාලය
  2. දීපය
  3. දේශය
  4. කුලය 
  5. මව


  • පළමු සතිය  :-අසිත තවුසාට දැක්වීම හා පිය රජුගේ පලමු වැදීම.
  • දෙවැනි සතිය :- සිදුහත් කුමරුගේ නම් තැබීමේ උළෙල.
  • හත් වන සතිය  :- මව කලුරිය කිරීම.
  • මාස පහ :- වප් මගුල හා පිය රජුගේ දෙවන වැදී ම.
  • අවුරුදු දාසය :- ශිල්ප දැක්වීම හා යශෝධරා විවාහ කරගැනීම.
  • අවුරුදු 29 :- රාහුල කුමරු ඉපදීම හා ගිහිගෙය හැරයාම .
  • අවුරුදු 35 :- බුද්ධත්වයට පත්වීම.
  • අවුරුදු 55 :- ස්ථිර උපස්ථායක ලෙස ආනන්ද හිමි පත්වීම.
අවුරුදු 80 :- පරිනිර්වාණය.


😊.සතර පෙරනිමිති.

  • මහල්ලෙක්.
  • ලෙඩෙක්.
  • මළමිනියක්.
  • පැවිදිරැවක්.

😊.බුදුන් වහන්සේ  යමාමහ පෙළහර පෑ අවස්ථාවන්.
  • කිඹුල්ව පුර වැඩි පලමු දිනේ ශාක්‍යයන්ගේ මානය බිදීමට  නීගේ‍රාධරාමේ දී.
  • බුදු වී පළමු සති⁣යේදී දෙවියන්ගේ සැක දුරැ කිරීම සඳහා බෝරැක මුලදි
  • තීර්ථකයන්ගේ මානය බිදීම සදහා සැවත් නුවර ගණ්ඩබිබ නමි අඹ රැක මුලදි.
😊.බුදු වීමට පෙර බෝසතුන්ට දන් පිළි ගැන්වීම.

 *සේනානි නමි නියමි ගමෙහි සුජාතා සිටු දියනිය විසින් කිරිපිඩු පූජා කිරීම.

😊.බුදු වු පසු පළමු දානය.

* තපස්සු බල්ලුක වෙළඳ දෙබැයන්ගේ විලඳ හා මී පිඩු දානමය පූජාව.

😊.අන්තිම දානය.

  * චුන්ද කර්මාන්තක පුත්‍රයාගේ සූකර මද්දව දානමය පූජාව.
  
😊.ප්‍රථම රහත් හැට නම.
 
*යසකුල පුත්‍රයා ඇතුලු යහළුවන් 54 දෙනා. හා
*පස්වග මහනුණ්.
(දැනුමි සයුරට.🤗)

Monday, June 25, 2018

ළමා ලොවට

වෙිදිකවෙි පුංචි අපටත් ඉඩක්.
 කලාව මහා සගරය බදුය,එයින් නාට්‍ය දිය උල්පතකි,ඒ ගලා යන උල්පතෙහි එක් දිය 
පොදකි ළමා නාට්‍ය.
මෙිලසින් ගලා යන ගංඟාව තුළ ඇති බාදකයන්ය පරිකල්පන මිනිසුන් වීමට හති හලන  පුංච් වීරයින්.
⁣ළමා නාට්‍ය පිළිබද කතා බහට ගොඩවදිනා විටදි එහි මුල ධාතුව වන්නේ  මැයයි.
එනමි සෝමලතා සුභසිංහ නමි කලාවෙිදනීයයි.. 
ඇය....
  • ප්‍රභාන්විත රංගන ශිල්පියෙකි
  • රංගකලා ආචාර්‍යවරියකි
  • නාට්‍ය රචිකාවියකි
මෙිලසින් පෙර ගමන් එන ඇය කාන්තා නාට්‍ය කලාව තුල අද්වීතියත්වයට පත්වෙයි.සරත්චන්ද්‍රයන්ගේ ශෛලීගත නාට්‍යන්හි නාට්‍ය ධර්මී නාට්‍ය තුලින් රංගනය ඇරබු ඇය,1962 දී ලයනල් ප්‍රනානදු සමගින් යුග දිවිය අරබයි.
එතැනින් නෙ⁣නවතින ඇය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය සදහා චරිත පණපොවයි.එලසින් නාට්‍ය⁣ ලෝකය සමගින් පොරබදන්නට පටන් ගත්,
ඇය.....
1980 වසරෙදි ළමා හා යොවුන් රංග පිඨය ආරමිභ කරයි..
 ඇට මෙම කලාව උල්පත දිගේ ගලා යන්නට ඉඩදි බලා නොයිද එය සමාජයට රැගන එන්නට තමන්ගෙ රංගන ජීවිතය මෙන්ම පුද්ගලික ජිවිතයද කැපකරන්නට විය.
මෙලසින් ඉදිරියට ගමන් කරනා,
ඇය.....
  • හිම කුමරිය
  • තොප්පි වෙළෙන්දා
  • රත්මලි 
  • පුංචි අපට දැන් තේරෙයි
  • වලස් පවුල
යන ළම⁣ලෝකයට එබිකමි කරන්නට අලුත් තෝතැන්නක් ඇය විසින්ම නිර්මාණය කරයි.
මෙි අතරින් හිම කුමරිය විශිෂ්ටතම නිර්මාණයකි.
ඇය මෙම ළමා නාට්‍ය කලාව විදේශිකයන්ට පවා ඇල්මක් ඇතිකරලමින් විදෙස් සංචාරයට මං පෙත් විවර කරයි.
ඇය සරත්චන්ද්‍රයන් වැනි විද්වතුන් සමග එක්ව ළමා නිට්‍ය කලාව දියුණු කිරිමට කටයු කරයි.
ළමා නාට්‍ය කලාව පළිබද හය හතර නොදත් කලා කරැවන්ට ළමා නාට්‍ය පිළිබද මගපෙන්වා දෙමින් ඉදිරායටම ගමන් කරයි..
පරිකල්පන ශක්තියෙන් හෙබි දඟයන් සමග පොරබදිමින් 2005 වසරෙදි රතු හැටිට කාරි කුඩා දරැවන් අතර ප්‍රචලිත වෙයි.
ළමා මනස තුළ ⁣හොල්මන් කරන නපරැ සත්තුන්,දඩයක්කරැවන් වෙිදිකාවට සුක්ෂම ලෙස එයි. 
මෙිලසින් වනන්තරය දැක නොමති  කුඩා පැටවුන් ළමා නාට්‍ය තුළින් වනානතර වල ඇවිදිති.
පුංච්  සතුන් විශාල ලෙස දකි.නමුත් අවසාන වශයෙන් කිව යුතුයි කවුරැ කොහොමොනවාකීවත් ළමයා තාර්කික යකි.
ළමා නාට්‍ය ඔස්සේ ළමා මනස නිර්මාණ කරයි. (පුංචි දුපුන් ⁣)