Tuesday, July 10, 2018

සුව දිවියට..🤗

දිය වැඩියාව.


දියවැඩියාව යනු රුධිරයේ ග්ලූකෝස් මට්ටම හෙවත් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමයි.
අපේ සීනි මට්ටම නිසි ලෙස නිසිලෙස පාලනය නොකළහොත් එය තවදුරටත් මොළය,හෘදය,ඇස්,වකුගඩු,පාද හා ශරීරයේ වෙනත් අවයව වල සංකූලතා ඇති කරමින් ඔබට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව මඟ හරවයි.

🤗.රුධිර පරීක්ෂාවකින් ඔබට දියවැඩියාව වැළඳී ඇති බව දැනගත හැක.අනතුරුව ඒ සඳහා කල යුතු පිවෙත්.
  •  ඔබගේ ආහාර රටාව සුදුසු පරිදි වෙනස් කර ගන්න.
  • ශාරීරිකව  ක්‍රියාශීලි බව වැඩිකර ගන්න.
  • වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.
🤗.ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නේ දැයි හදුනාගන්නේ කෙසේද?.
  • නිතර දැනෙන මහන්සි  ගතිය.
  • නිතර දැනෙන පිපාසය.
  • නිතරම මුත්‍ර කිරීමට අවශ්‍ය වීම.( දිවා,රාත්‍රි  දෙකෙහිම.)
  • පෙනිම බොද වීම
  • නිතරම කුසගිනි දැනීම
  • ඉතා කෙටි කලකදි බර අඩු වීම
  • ලිංගික දුබලතා ඇති වීම.
  • අත් හා පාද හිරි වැටීම
🤗.දියවැඩියාව නිටිටාවටම සුව කළනොහැක,එහෙත් මනාව පාලනය තුලින් නි⁣රෝගී දිවියක් ගත කළ හැක.

දිය වැඩ්යාව පාලනය සඳහා....
  • නියමිත ප්‍රමාණයෙන් නියමිත වෙලාවට ඖෂධ ලබා ගැනීම.
  • සුදුසු ආහාර ගැනීම
  • ක්‍රියාශීලි වීම
🤗.දියවැඩියාව රෝගීන් අහාර ගත යුතු ආකාරය.

බහුලව ගත හැකි ආහාර.

  • මකුණුවැන්න,කංකුං,⁣⁣⁣ගොටුකොල,වැනි පළා වර්ග සහ ගෝවා ලීක්ස් වැනි කොළ වර්ග.
  • වැටකොළු,පතෝල,මුරැංගා,වමිබොටු ,කොහිල ,කෙසෙල් මුව ,කරවිල,තක්කාලි වැනි පිෂ්ඨය අඩු එළවළු වර්ග.
  • මුං ඇට,කඩල,කවිපි,සෝයා,පරිප්පු,වැනි පියලි ආහාර 
  • මෙිද රහිත කිරි සහ කිරි නිෂ්පාදන
  • බිත්තර සුදු මදය
මධ්‍යස්ථව ගත හැකි ආහාර.
මෙම කාන්ඩයට අයත් ආහාර නිර්දේශිත ප්‍රමානය ඉක්මවා නොගැනීම වැදගත්ය.

* බත්,පාන්,සහල්/ඉරිඟු/කුරක්කන් පිටි වලින් සෑදු ඉදි ආප්ප,පිටිටු වැනි පිෂ්ඨමය ආහාර.

*කොස්,දෙල්,අර්ථාපල්,අලු කෙසෙල්,වැනි පශ්ඨය බහුල ආහාර.

මෙම කාන්ඩයට අයත් ආහාර වල තන්තු ප්‍රමානය අදික වීම රැධිරයේ සීනි ප්‍රමානය ක්‍රමනු කූල පාලනයට වැදගත් වෙි.එම නිසා නිවිඩ සහිත තමිබන ලද සහල්.,ආටා පිටි, ආදිය තෝරා ගත යුතුය.

තවද නොගත යුතු ආහාර,ශාරීරික වි්‍යායාම,ආදිය මෙි සදහා කල යුතුය.

🤗.දිය වැඩියාව පාලනය කල නොගතහොත් ඇතිවිය හැකි සංකුලතා.

  • හෘර්දයාබාධ
  • වකුගඩු අක්‍රිය වීම.
  • ආමාශ ගතරෝග
  • ලිංගික දුර්වලතා
අදියද වැදගත් ලෙස පෙන්වාදිය හැකිය.

🤗.මෙවනි සංකුලතා වලක්වා ගන්නේ කෙසේද.

  • නිරාහාර රැධි සීනි පරීකෂාව(fbs)
  • ඇස් පරීක්ෂණ 
  • රැධිර පීඩනය සෑම සායන අවස්ථාවකදිම කිරීම.  
  •                                                      (උපුටා ගැනීම                                                            බෝ නොවන රෝගී ඒකකය.🤗)

No comments:

Post a Comment